‘‘කොරෝනා මැඩලීමේ වගකීම සෞඛ්‍ය අංශයට දිය යුතුයි‘‘


(නිමල කොඩිතුවක්කු)

අද රට මුහුණ දෙමින් ඇති භයානක ඛේදවාචකයෙහි පළමු වගඋත්තරකරු ආණ්ඩුව බවත් එහි දෙවන වගඋත්තරකරුවා ආණ්ඩුව විසින් පත්කළ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය.

කොරෝන කාර්ය සාධක බලකාය විසුරුවා හැර රටේ සෞඛ්‍ය අංශවලට ඒ පිළිබඳ නායකත්වය සහ වගකීම පැවරීම නොපමාව සිදු කළ යුතු බවත් රණවක මහතා සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය.